Crypto ලෝකයේ වඩාත්ම වැදගත් Bitcoin (BTC) ආරම්භය Web එකේ පලවෙනි Post එකෙන්ම බලමු
2008 ඔක්තෝම්බර් 31: "Satoshi Nakamoto" කියන නාමයෙන් අයෙක් (පුද්ගලයෙකු හෝ කණ්ඩායමක්) නිර්මාණය කළ white paper එකක් පළ කරනවා මෙන්න මේ විදියට
📄 "Bitcoin: A Peer-to-Peer Electronic Cash System"
2009 ජනවාරි 3: Bitcoin blockchain එකේ පළමු block එක හඳුන්වා දුන්නා මෙය "Genesis Block" ලෙස හඳුන්වයි.
2009 ජනවාරි 9: Bitcoin software version 0.1 release කරනු ලැබුවා.
2009 ජනවාරි 12: පළමු Bitcoin transaction එක Satoshi Nakamoto → Hal Finney විසින් සිදු කරනු ලැබුවා.
මුල් කාලයේ BTC වලට මූල්‍ය වටිනාකමක් නැහැ. එහෙත්,
2010 මැයි: පළමු වතාවට BTC purchase එකක් සිදුවුණා
10,000 BTC = 2 Pizza
🍕 මෙය crypto ඉතිහාසයේ “Bitcoin Pizza Day” ලෙස සැමරේ
2011–2013:
Bitcoin පිළිබඳව වැඩි අවධානයක් යොමු වෙන්න පටන් ගත්තා
පළමු crypto exchanges, wallets, mining pools හඳුන්වා දුන්නෙ මේ කාලයේ
2017: BTC මිල $20,000 ආසන්නයට ලඟා වෙලා තියෙනවා.
2021: මේ වෙද්දි BTC වාර්තා කරල තියෙන ඉහලම වටිනාකම $68,000+ වගේ වෙලා තියෙනවා
මේ වන විට BTC හි වටිනාකම $100,000 ඉක්මවලා තියෙනවා
මීලඟ Post එකෙන් Satoshi Nakamoto ගැන විස්තරයක් දෙන්න අදහස් කරගෙන ඉන්නවා.