තාරකා විද්‍යාව (Astronomy)

EduLk

 

තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය (Astronomy) යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු, ඌෂාලෝකය, මන්දාකිනි සහ අන්තරික්ෂ පසුබිම් විකිරණය වැනි අභ්‍යවකාශ වස්තූන් පිළිබඳ විද්‍යාවකි. මෙය "තාරකා නීතිය" (Greek: astron + nomos) ලෙස සරලව හැඳින්විය හැක.

1. තාරකා විද්‍යාවේ කාර්යභාරය

විශ්වයේ සම්භවය සහ විකාශනය

අභ්‍යවකාශ වස්තූන්ගේ භෞතික හා රසායනික ගුණ

එම වස්තූන්ගේ චලනයන්

සාමාන්‍ය සාපේක්ෂතා වැනි විද්‍යාත්මක මතවාද සනාථ කිරීම

2. තාරකා විද්‍යාවේ ඉතිහාසය

2.1 පැරණි කාලීන තාරකා විද්‍යාව

පෞරාණික ග්‍රීකයන් කාලයට පසුබැස යයි.

නිරීක්ෂණ සඳහා භාවිතා කළ මෙවලම – තරු මාලිමාව.

කාලය, තරු පිහිටීම, මක්කම දිශාව, උස මැනීම, මුහුදු මාර්ග සෙවීම සඳහා භාවිත විය.

2.2 අරාබි විද්වතුන්ගේ දායකත්වය

පර්සියාව සහ ග්‍රීසියෙන් ලබාගත් දැනුම පරිවර්තනය කළහ.

ටොලමිගේ සොයාගැනීම් පරිවර්තනය කරන ලදි.

ගණිතය, තාරකා විද්‍යාව ඇතුළු විෂයන් ඉන්දියානු දැනුම සමඟ ඒකාබද්ධ විය.

2.3 මුස්ලිම් ජාතිකයන්ගේ දායකත්වය

ආගමික වැදගත්කම නිසා තාරකා විද්‍යාව අධ්‍යයනය කළහ.

මක්කම දිශාව නිශ්චිත කිරීම සඳහා තාරකා විද්‍යාඥයන්ගේ උපකාර ගත්හ.

රාමසාන් වැනි උත්සව සඳහා කාලය පවසන්නට ඔවුන් උපකාර කළහ.

3. තාරකා විද්‍යාව සහ ජ්‍යෝතිෂ්‍යය

දෙකෙහිම පදනම සමාන වුවද:

තාරකා විද්‍යාව – විද්‍යාත්මක ක්‍රම මත පදනම්ව.

ජ්‍යෝතිෂ්‍යය – විද්‍යාත්මක නොවෙයි.

එමනිසා දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර වේ.

4. නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාව

4.1 රේඛීය තාරකා විද්‍යාව

මිලිමීටර තරංග ආයාම.

රේඩියෝ තරංග මඟින් – අන්තර්කාරීය වායූන්, දූවිලි වලාවන්.

පල්සාර – ක්ෂුද්‍ර සංඛ්‍යාත මඟින් අනාවරණය.

විශාල රේඩියෝ දුරේක්ෂ අවශ්‍ය වේ.

4.2 අධෝරක්ත තාරකා විද්‍යාව

තරංග ආයාමය – දෘශ්‍යයට වඩා වැඩි, රේඩියෝවට වඩා කුඩා.

සිසිල් වස්තූන් සඳහා උපරිමයි (උදා: ග්‍රහලෝක).

4.3 ප්‍රකාශ තාරකා විද්‍යාව

පැරණිම තාරකා විද්‍යාවයි.

උපකරණ: වර්ණාවලි මානය, CCD.

පෘථිවි වායුගෝලය භාධා වන අතර, අභ්‍යවකාශ දුරේක්ෂ භාවිත වේ.

තාරකා, නිහාරිකා, මන්දාකිනි අධ්‍යයනයට වටිනී.

4.4 පාරජම්බුල, X කිරණ, ගැමා කිරණ විද්‍යාව

විද්ව පල්සාර, කළු කුහර, චුම්භක තාරකා සඳහා.

උදා: RXTE, චන්ද්‍රා, කොම්ප්ටන්, MAGIC, H.E.S.S.

4.5 ගුරුත්ව තරංග හා නියුට්‍රිනෝ

අනාවරණය අපහසුයි.

සූර්යා සඳහා නියුට්‍රිනෝ අනාවරක භාවිත වේ.

කොස්මික් කිරණ – අධික ශක්තිමත් අංශු.

5. ගවේෂණ කාල පරාසයන්

ගවේෂණ මිනිත්තු, පැය, වසර වැනි විවිධ කාල පරාසයන් යටතේ.

පල්සාර වැනි සංසිද්දීන් මිලිතත්පරයකින් වේගයෙන් වෙනස් විය හැක.

6. සූර්යා සහ තාරකා පරිණාමය

සූර්යා – ළඟම තරුව වන නිසා පර්යේෂණයට උපරිමය.

H.R. සටහන (Hertzsprung–Russell Diagram) – තාරකා පරිණාමය දැක්වීමට.

උපතෙන් අවසානය දක්වා තාරකාවල තත්වයන් පැහැදිලිව පෙන්වනවා

Full Credits : වෙනස් වන ලෝකය |What is වෙනස්වන ලෝකය View 


Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.