Bitcoin whitepaper (2008)
Satoshi විසින් 2008 ඔක්තෝබර් 31 දින "Bitcoin: A Peer-to-Peer Electronic Cash System" යන මාතෘකාවෙන් whitepaper එකක් පළ කරන ලදී.
Genesis block (2009)
2009 ජනවාරි 3 වැනිදා Bitcoin blockchain එකේ මුල්ම block එක (Genesis block) නිර්මාණය කළහ.
Satoshi, 2010 අවසානය වනතුරු Bitcoin software එක සංවර්ධනය කළ අතර, අන්තර්ජාල හරහා විවිධ open-source සංවර්ධකයන් සමඟ සන්නිවේදනය කළේය.
ඔහු 2010 අග භාගයේ සිට 2011 ආරම්භය අතර කාලය තුළ අතුරුදන් විය.
ඔහු අවසානයේ email මඟින් “I’ve moved on to other things” යැයි කියමින් සමුගනු ලැබුවේය.
Satoshiගේ සැබෑ අනන්‍යතාවය පිළිබඳව බොහෝ අදහස් තිබේ.
Nick Szabo – "Bit Gold" නමැති සංකල්පය නිර්මාණය කළ තවත් පුරෝගාමියකු වන අතර ඔහු Satoshi යැයි අදහසක් පවතියි.
Hal Finney – Bitcoin software එක භාවිතා කළ ප්‍රථම පුද්ගලයා වන බැවින් මොහු Satoshi යැයි අදහස් පවති.
Dorian Nakamoto – Newsweek සඟරාවක් ඔහු Satoshi යැයි වාර්තා කළ ද, ඔහු පසුව ඒ බව ප්‍රතික්ෂේප කළේය.සඟරාවේ පල කිරීමට හේතුවනම් සොයාගැනීමට හැකිවූයේ නැත.
Craig Wright – ඔහු තමන් Satoshi බව පවසන නමුත් ඒ පිළිබඳ විශාල විවාදයක් ඇත.
Satoshiට අයත් wallets වල මිලියනයකට ආසන්න Bitcoin (BTC) පවතී කියා විශ්වාස කෙරේ.
ඒවා අද වනවිට බිලියන ගණනක් වටිනාකමකින් යුක්තයි.
මොහුගේ සැබෑ අනන්‍යතාවය තවමත් අනීශ්චිතයයි.