තරුණයන්ගේ හදවත් තර්ජනයක

EduLk

වෛද්‍ය  ගෝඨාභය රණසිංහ ප්‍රකට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකි.අවුරැදු 25 ක් තිස්සේ හදවත් රෝගත් සමග ගැටෙන ඔහු මෑත කාලයේදී දකින හදවත් රෝගීන්ගේ අසාමාන්‍යතාවක් ගැන රට අවදි කළේ ඉංග්‍රිසි පුවත්පතකට ලියු ලිපියකිනි.ඔහු පවසන්නේ අවුරුදු 40ට අඩු තරැණ තරැණියන් වෙනදාට වැඩියෙන් හදවත් රෝගවලට ගොදුරු වීම සාමාන්‍ය දෙයක් බවට පත් විමෙ ප්‍රවණතාවයක් පවතින බවය.අවුරැදු විසි ගණන්වල අග හො තිස් ගණන්වල මුල සිටින ජව සම්පන්න තාරැණ්‍ය මෙසේ හදවත් රෝගීන් වීම සැලකීම ගැන උනන්දු වන ඔහූ නිරීක්ෂණය කර ඇත්තේ වෙනදා දකින හදවත් රෝග පසුපස ඇති ජීවන රටාව සහ පවුල් පසුබිම යන සාධක ඉක්මවමින් මෙම තරැණයන් ගිල ගන්නා වෙනත් හේතු ඉස්මතුව පවතින බවය. 

මෙසේ හදවත් රෝග අඩු වයසින් වැළදීම වැඩි වී ඇත්තේ ඇයි ?

ජීවන රටාව වරද්දා ගැනීම මීට ප්‍රධාන හේතුවක් බව වෛද්‍ය රණසිංහ මහතා පවසනවා. මෙයට බලපාන ප්‍රධාන කාරණා හතරක් මීට බලපානවා. නීරෝගී ආහාර පාන නොගැනීම, ව්‍යායාම් නොකිරීම, දිගින් දිගටම පවතින ආතතිය, ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම ඒ කාරණායි.

මේවා අයහපත් සෞඛ්‍ය පුරුදු විතරක් නෙවෙයි හෘද නාළවල ප්‍රදාහ ඇති කිරීමටත් හේතු වන කාරණායි. 

කෑම බීම ප්‍රධානම සතුරකු වෙන්නෙ කෙසේ ද?

වැඩි දෙනෙකු නුතන ආහාර රටාවෙ සැඟවුණු මාරයන් සිටින බව දන්නෙ නැහැ.දැනගත්තත් ඒ ගැන නොසැලකිලිමත්.ආහාර අතරින් සීනි ප්‍රධානතම මාරයෙක්. අධික සීනි පරිභෝජනය නිසා වාර්ෂිකව ලොව පුරා මිය යන ගණන මිලියන 1.5 ක්.බීම වර්ග , චොකලට් , රසකැවිලි, බිස්කට් , බනිස් වැනි පිටි ආහාර පානවල අධික සීනි ප්‍රමාණයක් අඩංගු වී තිබෙනවා.සාමාන්‍යයෙන් ලාංකීකයකු අවුරැද්දකට සීනි කිලෝග්‍රෑම් 34ක් පමණ කෑමට ගන්නවා. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශ කළ ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩියි. 

සුව නින්දක් නොලැබීම හදවතට බලපාන්නේ කෙසේද?

අද කාලේ තරැණ පිරිස තමන්ගේ අධ්‍යාපන, වෘත්තීය ඉලක්ක ජය ගන්න නින්ද පරිත්‍යාග කරනවා.තවත් සමහරැන්ට රෑ දවල් කියලා වෙනසක් නැහැ.රාත්‍රි කාලයේත් ස්මාට්ෆෝන් වලට ඇබ්බැහි වී සිටිම , ඇග පත වෙහෙසවා රාජකාරි කීරීමට ඇති කම්මැලිකම පුද්ගලයන් අතර දිනෙන් දින වැඩිවෙමින් පවතිනවා.කායීකව ක්‍රියාකාරී නොවීම ඉන්සියුලින් ප්‍රතිරෝධිතාව ඇති කරනවා.රැධිර සංසරණය නිසි පරිදි නොවීම සහ උදරය , අක්මාව, අන්ත්‍ර වටා අනවශ්‍ය ලෙසින් මෙදය එක්වීමත් හේතු වෙනවා.🧑‍💻

හෘද රෝග ඇති වීම වැළක්වා ගැනීමට ගත හැකි පියවර.

සතියකට අඩුම වශයෙන් දිනකට මිනිත්තු 40 කායික ව්‍යායාමයක නිරත වීම , පැය 7ක්වත් අඩුම නින්දක් ලබා ගැනීම , එළවළු - පලතුරු - මාළු වැනි ගුණවත් සමබල ආහාර පාන පරිභෝජනයට ගැනීම හදවත ආරක්ෂා කර ගැනීමට ගත හැකි පියවරවල් වෙනවා. 

 උපුටා ගැනීමකි


Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.